Advertisement

නව කොරෝනා වෛරසයේ ජානමය අනුක්‍රමණය වවුලන්ගේ කොරොන වයිරස් වර්ගයක් සමඟ සියයට 96 ගැලපෙනවා
මෙම වෛරසය වව්ලන්ගෙන් ආරම්භවිය හැකියි

නව කොරොන වෛරසයට තරමක නිශේධනීය බලපෑම් ඇති කළ හැකි ඖෂධ තුනක් චීන පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති බව චීන ප්‍රාදේශීය පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මෙම ඖෂධ තුන සායනික භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා දැන් අදාළ ක්‍රමවේදයන් යටතේ පවතින බව හුබෙයි ඩේලි පුවත්පත සඳහන් කර තිබුණා.

චීන විද්‍යා ඇකඩමිය (CAS) යටතේ ඇති මිලිටරි වෛද්‍ය විද්‍යා ඇකඩමියේ සහ වූහාන් වෛරස් විද්‍යා ආයතනයේ (WIV) පර්යේෂකයන් එක්ව මෙම සොයා ගැනීම සිදු කර තිබෙනවා.
මීට පෙර, CAS යටතේ ඇති ෂැංහයි මැටීරියා මෙඩිකා ආයතනයේ සහ ෂැංහයිටෙක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් නව කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි දැනට පවතින ඖෂධ වර්ග, ජීව විද්‍යාත්මක ක්‍රියාකාරී ස්වාභාවික නිෂ්පාදන හා සාම්ප්‍රදායික චීන ඖෂධ කිහිපයක්ම සොයාගනු ලැබුවා.

නව කොරෝනා වෛරසය පිළිබඳව පරීක්ෂණ පවත්වන චීනයේ ප්‍රමුඛ පෙළේ වෛරස් විද්‍යාඥයෙක් වෙන ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සඳහන් කරන්නේ මෙම වෛරසය වව්ලන්ගෙන් ආරම්භවිය හැකි බවයි.

නව කොරෝනා වෛරසයේ ජානමය අනුක්‍රමණය වවුලන්ගේ කොරොන වයිරස් වර්ගයක් සමඟ සියයට 96 ක් තරම් ඉහළ අගයකින් සැසදෙන බව එම කණ්ඩායම සඳහන් කළා.

මෙම කණ්ඩායම තවදුටත් සඳහන් කරන්නේ නව කොරෝනා වයිරසය ප්‍රතිග්‍රාහකයට ඇතුළු වන්නේ මීට පෙර වාර්තා වූ SARS වෛරසය ප්‍රතිග්‍රාහකයාට ඇතුළුවීම භාවිත කළ සෛල භාවිතා කරමින් බවයි.

SARS වෛරසය 2002 සහ 2003 දී දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) පැතිරීමට හේතු වුණා.

නවතම සොයා ගැනීම නව කොරෝනා වෛරසයේ ව්‍යාධි විද්‍යාව හා මූලාරම්භය අධ්‍යයනය කිරීම සඳහා තීරණාත්මක සාක්ෂියක් වන බව චීන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements