Advertisement

කොරෝනා වෛරස් රෝගීන් බවට සැකකරන රෝගීන් අයිඞීඑච් රෝහලට ඇතුළත් වීම නිසා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය ඊයේ (29) අසනීප නිවාඩු වාර්තා කර රෝහලට නොපැමිණීමෙන් ප‍්‍රතිකාර කටයුතුවලට බාධා එල්ලවී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කළා.

රෝහලේ වෛද්‍යවරුන් 15 දෙනකු ඊයේ ප‍්‍රතිකාර ලබා දීම සඳහා පැමිණ ඇතත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයෙකු හැරෙන්නට අනිත් පිරිස අසනීප නිවාඩු වාර්තා කිරීම නිසා රෝහල තුළ රෝගීන් රැගෙන යෑමේ ගැටලූ මතු වී තිබූ බව ද වෛද්‍ය අලූත්ගේ මහතා සඳහන් කළා.


රෝහල තුළ ප‍්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් 15 දෙනකු සිටියත් කොරෝනා වෛරසයට ප‍්‍රතිකාර කිරීමට හැකි උපාංග සපයා ඇත්තේ එක් වෛද්‍යවරයකුට බවත්, අනිත් වෛද්‍යවරුන්ට අවදානමක් ගෙන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට සිදුවීම ගැටලූවක් බවත් ඒ මහතා කියා සිටියා.

කනිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුළු කාර්ය මණ්ඩලයට ද අවශ්‍ය ආරක්‍ෂිත උපාංග නිසි ලෙස සපයා නොතිබීම නිසා ඔවුන් සේවයට වාර්තා නොකිරීම සාධාරණ බවත් තමන් ද රෝගයට ගොදුරුවීමේ අවදානමක් ඇති බැවින් ඔවුන් එසේ කරන්නට ඇතැයි ද ඒ මහතා කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements