Advertisement

තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සාකච්ඡා කිසිවකු විසින් සංස්කරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණය කොට්ඨාශයට පැමිණ ඒ ගැන පැමිණිලි කිරීමෙන් පසු ආපසු යන ගමනේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.


පෞද්ගලික දුරකතන සංවාද මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීම ඉතාමත්ම කනගාටුදායක බවද කියා සිටි ඇය මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව තමන් නීතිමය කටයුතු කරන බවද සඳහන් කළාය.

පෞද්ගලික විද්‍යුත් නාලිකා අන්තර්ජාල මාධ්‍ය හා කිහිපයකටම ඉදිරියේදී තමනට අපහාස කලේ යයි සිවිල් නඩු පවරන බවද ඇය කියා සිටියාය.

අදාළ හඬ පට වල තමන්ගේ හඬ පට ඇතැයි කිසිවෙකුට කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් වන රස පරීක්ෂණ වාර්තා පවා මේවන තෙක් සිදු කර නැති බවද කියා සිටියාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements