Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21) පාර්ලිමේන්තුව ඇමතීමට උත්සාහ කරන අවස්ථාවේදී කතානායක කරූ ජයසූරිය මහතා විසින් එය වලක්වනු ලැබුවා.
එහිදී කතානායකවරයා විසින් පවසා සිටියේ සභා වාරය යන අවස්ථාවේදී එවැනි ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබාදීම සම්ප්‍රදායට අනූව සිදුකල නොහැකි බවයි.

කෙසේ නමුත් එලෙස ප්‍රකාශයක් ලිඛිතව භාරදීමට හැකියාව ඇති බවට කතානායකවරයා එහිදී රන්ජන් රාමනායක මහතාට පවසා සිටියා.


කෙසේ නමුත් රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුව ඇමතු අවස්ථාව පසුව හිමි වුණා.

ඔහු එහිදී සඳහන් කළේ තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ තමන් සිර ගෙදර සිට අසා සිටි බවයි.

තමන්ගේ දුරකතන සංවාද පුද්ගලික ඒවා පමණක් බවයි ඔහු කියා සිටියේ.

තමන් සියල්ලන්ගෙන්ම හඬපට සභාගත කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

රාජ්‍ය නායකයන්, බිරින්දෑවරු ඇතුළු සියල්ලන්ගේම හඬපට එහි ඇති බවයි ඔහු සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ‘මන්ත්‍රීවරුන්ගේ විස්තර ලබාදුන්නේ’ පියුමි හංසමාලි

පියුමි හංසමාලි සමග තමන් කළ දුරකථන සංවාදයේ අරමුණ කුමක්ද යන්න රන්ජන් රාමනායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී කරුනු පැහැදිලි කළා.

ඔහු සඳහන් කළේ පියුමි හංසමාලි විසින් තමන්ට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ගේ විස්තර ලබාදුන් බවයි.

ඔහු පෙන්වා දුන්නේ පියුමි හංසමාලි වැන්නවුන් තමන්ගේ අවශ්‍යතා සඳහා සහාය දුන් බවයි.

කෙසේ නමුන් ඉන් අනතුරුව ලන්සා  මන්ත්‍රීවරයා  කෝපාවේස වූ ආකාරයෙන් අදහස් දක්වනු ලුබුවා දක්වනු ලැබුවා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements