Advertisement

වයස අවුරුදු දාහතරක පාසල් සිසුවකු දොළොස් හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරේ හය පොළකට පිහියකින් ඇනීම නිසා බරපතළ තුවාල ලැබූ පුවතක් මහියංගණය මූලික රෝහලෙන් වාර්තා වනවා.

ගිරාඳුරුකෝට්ටේ, රත්කිඳ ධීවර ගම්මානයේ පදිංචි ‍සැකකාර සිසුවා ඒ සඳහා යොදා ගත් පිහියද සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.


දැරිය නිවෙසේ හුදකලාව සිටියදී පිහියක් රැගෙන පැමිණි මෙම සිසුවා ඇයගේ මුහුණ වසා පිහි පහර එල්ල කර තිබෙනවා.

පිහි පහර කෑමට ලක්වූ දැරිය මෙන්ම පිහියෙන් අනින ලද දරුවාද එකම පවුලක සාමාජිකයන් වන අතර පිහියෙන් ඇනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එහෙත් කලකට පෙර මෙම පිරිමි දරුවා විසින් තුවාල ලැබූ දැරියගෙන් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යෑමට කැමැත්ත ඉල්ලා ඇතත් දැරිය එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වනවා.

සැකකාර දරුවා මහියංගණය මහෙස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසුව බාලවයස්කාර දරුවකු බැවින් ඇප නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔහු සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබා දෙන්නැයි පොලිසියට නියෝග කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements