Advertisement

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කරද්දී තමනට ලබා දුන් දුරකතන හත අටක්ම තමන් සතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.



තමන්ට එරෙහිව පැවති නඩුවකදී ඔහු තමනට උදවු කල බව කියූ හඬ පටයද ඇතැයි ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කිසිදු හඬ පටයක් තමන් සතුව නැති බවද ඔහු කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේය.

තමන්ගේ හඬ පට සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන්නැයි ඉල්ලා සිටින බව කී ඔහු ඊට තමන් උපරිම සහාය දෙන බවද පැවසීය.

කෙසේ නමුත් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට කතා කල හඬ පට විනා අධිකරණයේ විනිසුරුවන්ට කතා කල හඬපට ඇති බව නොවේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements