Advertisement

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකත්වය භාරගෙන මහ මැතිවරණය මෙහෙයවන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාට මෙම සතියේදී ආරාධනා කිරීමට සූදානම් වන බවට එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග වල පැවසේ.

මහා සංඝරත්නය සහ පක්ෂයේ නිලධාරී මණ්ඩලය කළ ඉල්ලීම මත පක්ෂ නායකත්වය මෙම ආරාධනාව සිදුකරන බව වාර්තා වනවා.


මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් අනූහය දෙනාගේ නිල කාලය අවසන් බැවින් මහ මැතිවරණයෙන් පසු නව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙනවා.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් ව අතර පක්ෂයේ තීන්දු තීරණ ගැනීම නිලධාරී මණ්ඩලය විසින් සිදු කිරීමටත් පක්ෂ නායකත්වය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මහ මැතිවරණය කැඳවූ පසු නාම යෝජනා මණ්ඩල පිහිටුවා අපේක්ෂකයන් තෝරා ගැනීමටත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනත් පක්ෂයක් බිහි කිරීමට උත්සාහ කිරීම අවශ්‍ය නොවන කරුණක් බවත්, කරු ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව මහ මැතිවරණය මෙහෙය විය යුතු බව පක්ෂ නායකත්වයේ අදහස වී තිබෙනවා.

පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකත්වය පිළිබඳ ගැටලුවක් තමන්ට නොමැති බවත්, මීට පෙරද පක්ෂ නායකත්වය සමග ගැටුණු සාමාජිකයන්ට අත් වූ ඉරණම සජිත් පාර්ශ්වය නොදන්නා බවද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇති අතර ජේ.ආර්. ජයවර්ධන සමග රුක්මන් සේනානායකද, ආර්. ප්‍රේමදාස සමග ලලිත් – ගාමිණී ගැටුණත් පක්ෂ නායකත්වය ආරක්ෂා වූ බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements