පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දුරකථන සංවාදවලට අදාළ ආන්දෝලනාත්මක හඬපට කිසිවක් මේ දක්වා පාර්ලිමේන්තුවට භාර දී නොමැති බවට කතානායකවරයාගේ නිවේදනයකින් අද පාර්ලිමේන්තුවේදී හෙළි වුණා.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කටයුතු අද (23) පෙරවරුවේ ආරම්භ වූ අවස්ථාවේදීයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ දුරකථන සංවාද 15,000 ක පමණ හඬපට සභාගත කර ඇති බවයි.

