Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ඇමැතිවරයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

මෙරට ආරක්ෂක ඇමැති වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ බව සුමේධා ජී. ජයසේන මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පසුව විජිත හේරත් මන්ත්‍රීවරයා මේ බව කියා සිටි​යා.

විජිත හේරත් – මේ වන තුරු රටේ ආරක්ෂක ඇමැතිවරයෙක් නෑ. ඒක අගමැතිතුමාට පවරල තියෙනවද?

සුමේධා ජී. ජයසේන – ආරක්ෂක ඇමැතිකම අගමැතිතුමාට පවරලා තියෙනවා.

විජිත හේරත් – කැබිනට් ආරක්ෂක ඇමැති මහින්ද රාජපක්ෂ අගමැතිතුමාද?

සුමේධා ජී. ජයසේන – ඔව්. තවත් අමාත්‍යාංශ කීපයක් එක්ක පවරලා තියෙනවා.

විජිත හේරත් – මුලසුනේ මන්ත්‍ර්‍රීතුමනි මා දැනගන්න කැමැතියි මේක ආණ්ඩුවේ නිල ප්‍රකාශයද? ඒක හරිද ? කැබිනට් ආරක්ෂක ඇමැති මහින්ද රාජපක්ෂද කියලා.

​මේක තමයි ර​ටේ විහිළුකාරී තත්ත්වය. මෙතුමිය දන්නෙත් නෑ තවම ආරක්ෂක ඇමැතිවරයා කවුද කියලා. අපිත් දැක්කා දිව්රුම් දෙන දවසේ මහින්ද රාජපක්ෂට ආරක්ෂක ඇමැතිකම තිබෙන බව ප්‍රකාශ කළා. ඒත් මේ දක්වා ආරක්ෂක ඇමැති ධුරය මහින්ද රාජපක්ෂට ගැසට් කරලා නෑ. ආරක්ෂක ඇමැතිවරයෙක් නෑ. ආණ්ඩුව කිව යුතුයි කවුද ආරක්ෂක ඇමැති.

දහනවවැනි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට බැහැ ආරක්ෂක ඇමැතිධුරය දරන්න. ආරක්ෂක ලේකම්වරයෙක් පත්වන්නේ කොහොමද ඇමැතිවරයෙක් නොමැතිව. ඒක විය නොහැකි දෙයක්. ඇයි මහින්ද රාජපක්ෂට ආරක්ෂක ඇමැතිධුරය දෙන්නේ නැත්තේ. ප්‍රශ්නයක්ද? සැකයක්ද?

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements