Featured News

Video Gossip

Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදයේ යෙදුනු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේවනවිට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.


ඇය සඳහන් කරන්නේ තමන්ගේ බව පවසන දෙවන හඬ පටය සංස්කරණය කරන ලද්දක් බවයි.

තමන්ට කළ දේ තවත් කාන්තාවකට සිදුවිය හැකි බවයි ඇය සඳහන් කරන්නේ.

“මම ඉල්ලීමක් කරනවා ලංකාවේ ජනතාවගෙන් මේ හඬ පට ඉතා හොඳින් අහන්න. 1 වෙනි එකේ මගේ කටහඬත් 2 වැනි එකේ මගේ කියන කටහඬත් පැහැදිලිව අහන්න. මේ දෙක අතරේ ලොකු වෙනසක් තියනවා. එතකොට ඔබට පැහැදිලිව පෙනෙයි මේ 2වන පටය ඉතාම අශෝභන ලෙස විකෘති කල හඬ සංස්කරණය කල එකක් බව.


මේ හරහා මගේ චරිතය ඝාතනය කරන්න ගොඩක් අය පෙළඹෙද්දී තවත් ගොඩක් අය මට කතා කරලා මාව ශක්තිමත් කළා. නමුත් මේ වෙද්දී හැමෝටම තේරිලා තියනවා මේ රටේ ප්‍රධානම ප්‍රශ්න යට ගහන්න මේ හඬ පට කතාව එලියට ඇදලා අරගෙන තියනවා කියලා. අද මට වුන දේ හෙට තව කාන්තාවකට වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ 225 ඉන්නවා. රන්ජන් රාමනායක කතා කරලා තියෙන්නේ මට විතරද? නෑ. හැබැයි එලියට එන්නේ මගේ හඬ පට විතරයි. මේ වෙද්දී මගේ පියාගේ ඝාතනයට සම්බන්ධ දුමින්ද සිල්වා මාධ්‍ය එක්ක එකතු වෙලා රට තුල ඇති කරගෙන යන මතයක් මේකට හේතුව වෙලා තියනවා.

මම වගකීමෙන් කියනවා කිසිම විදිහකින් මම මේ වගේ සංවාදයක් කිසිම කෙනෙක් එක්ක පවත්වලා නෑ. මම අභියෝග කරනවා පුළුවන්නම් මේ ඇත්ත හඬ පට එලියට දාලා පෙන්නන්න.

කිසිම අවස්ථාවක මම දෙරණ නාලිකාවට මත්ද්‍රව්‍ය සම්බන්ධ කරලා මොන වෙලාවකවත් අදහස් දැක්වීමක් කලෙත් නෑ. එහෙම දෙයක් මම කිසිම දවසක අහලවත් නෑ. මේක තරගකාරී මාධ්‍ය වෙළඳපොලේ ඝට්ටනයක් විතරයි. එකට මාවත් සම්බන්ධ කරගෙන.

මේ හඬ පට මගේ යැයි රස පරීක්ෂණ වාර්තාවකින් පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නන කියලා මම අභියෝග කරනවා.”

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමක් පිළිබඳව ද සඳහන් කරමින් ඇය නිකුත් කර ඇති වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements