Advertisement

රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද අඩංගු හඬපට අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කළ බවට සැක කෙරෙන පුද්ගලයකුගෙන් ප‍්‍රශ්න කිරීම ඊයේ (12 දා) ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මොහු මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන ගියාද එසේ නැතිනම් කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් ප‍්‍රසිද්ධ කළා දැයි පොලිසිය ප‍්‍රශ්න කරගෙන යන අතර මෙම හඬපට දැන් බොහෝ අය අතට පත්වී තිබෙන බවද පොලිසිය කියයි.
මෙම හඬපට පොලිසිය මගින් ප‍්‍රසිද්ධ කළ බවට ඇතැමුන් චෝදනා කරන නමුත් පොලිසිය මෙතෙක් එවැන්නක් සිදුකර නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
මෙම හඬපට පිටපත් පොලිස් භාරයට ගැනීමට පෙර පිටවී තිබෙන බවට සැකයක් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.
නෝමන් පලිහවඩන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements