රංජන් රාමනායක මහතාගේ හඬ පට සිද්ධිය අද රටටම එපාවී ඇති බවත් තවදුරටත් මේ සෙල්ලම කරගෙන ගියොත් අපි ලඟ ඇති හඬපට දාහක් එළියට දාන බවත් ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලීමේන්තු මන්ත‍්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා.
අද (23) දහවල් ගාල්ල මකුළුව සිය නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ සඳහන් කළා.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද සඳහන් කළා.
‘‘ රංජන් වගේ දුෂිත වැඩ අපි කරලා නැහැ. ඉහළම අධිකරණයේ විනිශ්චයකාරවරු හා පහලට පොලිස් නිලධාරියා දක්වා සිය`ථම නිලධාරින් සම්බන්ද කරගෙන මේ කරලා තියෙන්නේ ඉතාම අවරගනයේ වැඩක්. එයාට විරුද්ධව හඩ පටි දාහක් වුණත් ඉදිරිපත් කරන්න අපි ලැහැස්තියි.
රංජන් කියන විදිහට අගමැතිතුමා එයාගේ වන්ෂොට් චිත‍්‍රපටිය බලන්න ගියේ චිත‍්‍රපටිය බලන්න තියෙන ආශාවට නෙවෙයි. එයා කරපු බලවත් ඉල්ලීම නිසා ඒ ඉල්ලීම අහක දාන්න බැරිකමටයි එතනට ගියේ. එදා චිත‍්‍රපටිය බලලා එලියට එනකොට කදිරගාමන් ඇමැතිතුමාට වෙච්ච විපත ආරංචී වුණේ. අගමැතිතුමා ඒ වෙලාවෙම ජාතික රෝහලට ගියා එතුමගේ ජීවීතය බේරගන්න කරන්න පු`ථවන් යම් දෙයක් තියෙනවනම් ඒදේ කරන්න.
අද රටේ ප‍්‍රශ්ණ තියෙනවා හොරුන්ටත් ප‍්‍රශ්ණ තියෙනවා. ලූනූ මිළ නැගලා හාල් සොයාගන්න නැහැ. ප‍්‍රශ්ණයක් තියෙන බව අපි පිළිගන්නවා. ඒත් ඉදිරි දෙසතිය තුල ඒ සියලු ප‍්‍රශ්ණ විසදලා ජනතාවට සහනයක් ලබාදෙන්න රජය කටයුතු යොදමින් ඉන්නවා.
ඉදිරි මැතිවරණයට තව කල් තියෙනවා. අපි සුදානම් වෙලා ඉන්නේ ඕනම අවස්ථාවක මැතිවරණයට මුහුණ දෙන්න. අපේක්‍ෂක ලැයිස්තු ගැන නම් කියන්න මම දන්නේ නැහැ. නළුවෝ ආවත් ප‍්‍රශ්ණයක් නැහැ. 2009 දිත් නළුවෝ ආවනේ. අනර්කලී ආවා සජින් වාස් ආවා ගීතා කුමාරසිංහ ආවා.ඒ කවුරු ආවත් අපිට ප‍්‍රශ්ණයක් නැහැ. අපි සහයෝගයෙන් වැඩ කරන්න ලැහැස්තියි. අනිවාර්යෙන්ම මේ මැතිවරණය අපි දිනනවා. එක්සත් ජාතික පක්‍ෂය අපි ලක්‍ෂ 14 කින් පරාජය කලා. සජිත්ට ගියපාර ලැබුණු ජන්ද ටිකවත් මේ පාර ලැබෙන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ දැන් පැන්ෂන් ගිහිල්ලා. සජිත්ටත් කරන්න කිසිම කෙංගෙඩියක් නැහැ. අනිවාර්යෙන්ම මහින්ද රාජපක්‍ෂ මහත්තයා අගමැති වෙනවා. සජිත් පේ‍්‍රමදාස විපක්‍ෂ නායක වෙනවා. ඒක සියයට තුන්සීයක් විශ්වාසයි’’

