Advertisement

රියදුරු බලපත්‍ර සඳහා වන වෛද්‍ය පරීක්‍ෂණ පිළිබඳව දිනය හා වේලාව වෙන්කර ගැනීමේ පහසුකම් ක්‍රියාත්මක කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා වන අන්තර්ජාල යෙදවුම හෙට සිට ක්‍රියාත්මකයි. ඒ අනුව www.ntml.lk වෙබ් අඩවියෙන් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා දිනය හා වේලාව වෙන් කිරීමට පහසුකම් සැලයෙනු ඇත. මෙම අන්තර්ජාල සේවාව ලබාදීම සඳහා ඉකුත් සිකුරාදා පරීක්‍ෂණ මෙහෙයුම් කිහිපයක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය පියවර ගත්තේය. එය සාර්ථකවීමත් සමඟ හෙට සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. කලින් පැවති ක්‍රමය අනුව දුර බැහැර සිට පවා ජනතාවට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණ දිනය හා වේලාව වෙන්කර ගැනීමට සිදුවිය.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආයතනවලින් ලබාදෙන මහජන සේවාවන් කාර්යක්‍ෂම කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ප්‍රවාහන වෛද්‍ය සහතිකය සහ වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු සඳහා ද දිනය හා වේලාව වෙන්කරවා ගැනීමට ජංගම දුරකතන සඳහා ද යෙදවුමක් හඳන්වාදීම ඉදිරි දෙසතිය තුළ සිදු කෙරෙනු ඇත. ඔන්ලයින් ක්‍රමයට දිනය හා වේලාව වෙන්කර ගැනීමට අදාළව තොරතුරු ලබාදුන් පසුව එය ජංගම දුරකතනවලට යොමු කෙරෙනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements