රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට හඬපට අතර තිබු බව කියන හිටපු අගමැති වික්‍රමසිංහ හා රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා අතර සිදුව ඇතැයි පැවසෙන සාකච්ජාවක් අනාවරනය වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ද බරපතල තිගැස්මකට ලක්ව සිටින බව වාර්තාවේ.
රන්ජන් රාමනායක විසින් පටිගතකර ඇති එම සංවාදය තුළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නමත් කියවෙන අතර වෙඩි තබන කතාවකුත් කියවේ.
මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දිනය තුලදී පැමිණිල්ලක් කිරීමට නියමිත බව ද පැවසේ.

