Advertisement

ඇයි මේ කුණුහරුප බෙදාහරින්නේ?
විරුද්ධ නම් මේවා සභාගත නොකර සිටින්න පුළුවන්
කිසිදු සංස්කරණය කිරීමකින් තොරව මේ හඬපට මන්ත‍්‍රීවරුන්ට ලබාදිය යුතුයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬපට සංස්කරණය කොට සභාගත කරන බවට කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (18 ) දා කළ දැනුම්දීමත් සමග ඊට පක්‍ෂව සහ විපක්‍ෂව මන්ත‍්‍රීවරුන් අදහස් දැක්වීමෙන් සභාගැබ තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

එම හඬපට සංස්කරණයකින් තොරව සභාගත කරන්නැයි ඇතැම් මන්ත‍්‍රීවරුන් ඉල්ලා සිටි අතර ඒවා සභාගත නොකළ යුතු යැයි තවත් මන්ත‍්‍රීවරු පිරිසක් ඉල්ලා සිටියහ. 
රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද අඩංගු හඬපට අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කළ බවට සැක කෙරෙන පුද්ගලයකුගෙන් ප‍්‍රශ්න කිරීම ඊයේ (12 දා) ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
ලක්ෂ එකහමාරකට ආසන්න වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද හඬ පට අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කබීර් හසීම්, මංගල සමරවීර, රවී කරුණානායක, වජිර අබේවර්ධන ආදී එම පක්ෂ ප්‍රබලයන්ට දැඩිව විවේචනය කරන සංවාද කිහිපයක්ම ඇතුලත් බව වාර්තා වෙයි.
තමන් දෙන දුරකතන ඇමතුමක් පටිගත කිරීමට විරෝධය දක්වමින් අධිකරණයට යාමට අවශ්‍ය තරම් නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නීති පද්ධතිය තුළ නොමැති බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පටිගත කරන ලද දුරකතන සංවාද සම්බන්ධ බාහිර දෘඩ තැටිය (External Hard Drive) පොලිසිය වෙත ලැබුණු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කරමින් පොලිස් මූලස්ථානය මේ වන විට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයාගත් රහසිගත හඬපට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය (සී.සී.ඞී) වෙත භාරදී ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයා ගන්නා ලද රහසිගත හඬපට එක් ලක්‍ෂ විසි එක්දහසකට අධික ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙන වෙනම විමර්ශන පවත්වාගෙන යයි. 
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක යයි කියන හඬපටයක් සමාජජාලාවල සංසරණය වෙමින් ඇත.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට හඬපට අතර තිබු බව කියන හිටපු අගමැති වික්‍රමසිංහ හා රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා අතර සිදුව ඇතැයි පැවසෙන සාකච්ජාවක් අනාවරනය වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ද බරපතල තිගැස්මකට ලක්ව සිටින බව වාර්තාවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements