Advertisement

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට පෙර ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සඳහන් කරයි.

මේ ආකාරයේ අසික්කිත, ජරා වැඩකටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිදුනොවිය යුතු බවද ඔහු පවසයි.

ඇතිවී තිබෙන තත්වය මත කිසිදු පුද්ගලයකු දුරකථනයෙන් කතා කිරීමට පවා බිය වී සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කැලෑ සතුන් මෙන් හැසිරීම නිසා සෙසු මන්ත්‍රීවරුන්ද හෑල්ලුවට ලක් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්වය ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements