එජාප කෘත්‍යාධිකාරිය අලුතින් පත්කරන්නන යයි - රනිල් වික්‍රමසිංහ යලිත් නායක පුටුවට
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
gossip-lanka-hot
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Politics
,
side-gossip
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත.
එමෙන්ම ලබන සදුදා දිනය වන විට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සියලු සාමාජිකයන් පත්කර අවසන් කිරීමටද තීරු කර තිබේ.
මේ වන විට එහි ප්‍රධාන තනතුරු සියල්ලම පාහේ පත් කිරීම අවසන් කර ඇත. කෘක්‍යධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම සිදු කෙරෙන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් අකිල විරාජ්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන්ගේ උපදේශකත්වය යටතේය.
පක්‍ෂ නායකත්වය ගැන ගැටලු විසඳාගැනීමට ඡුන්දයක් නො පවත්වන්නැයි කරන ලද ඉල්ලීම අනුව අර්බුදයකින් තොරව එය විසඳා ගැනීමට මෙම ක්‍රමවේදය සකස් කරමින් ඇති බව ද වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිල කාලය දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වූ අතර නව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් පත් කිරීම එළැඹෙන සදුදා දිනයෙන් අවසන් කිරීමට නියමිතය.

