Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන මස 12 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා අද (29) නියෝග කළා.

ඒ,අධිකරණ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට අද(29) ඉදිරිපත් කළ අවස්ථවේදී.

අත්අඩංගුවට ගැනුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය පළොස්වෙනිදා සිට අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.කර සිටියා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ තෝල්ක නිලධාරියෙක් ඇතුළු විවිධ පාර්ශ්ව සමඟ කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට ප්‍රසිද්ධියට පත්විමත් සමග ඒ මහතා අත්අඩංගුවට ගැණුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා විවිධ පුද්ගලයන් අතර සිදුකෙරුණේ යැයි කියන ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඩපට නිකුත් ‌කිරීම ‌ සම්පූර්ණ‌යෙන්ම නැවතී ඇත්තේ පාර්ලිමේන්තුවේදී රාමනායක මහතා විසින් සිදු කරනු ලැබූ ආන්දෝලනාත්මක ‌හෙළිදරව්වෙන් පසු ‌බවට ඔහු හිතවතුන් වෙත පවසා තිබෙනවා.

එහිදී රාමනායක මහතා ‌කියා සිටියේ ‌මෙම හඩපට පමණක් ‌නොව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ තවත් විශාල පිරිසක් තමන් සමග කතාකරන හඩපට තමන් සතුව ඇති බවත්, ඒවා ඇතැම් බැංකු ‌සේප්පුවල ආරක්ෂිතව තබා ඇති බවත්ය.

තවත් ආන්දෝලනාත්මක හඩපට කිහිපයක් විදෙස් රටවල සගවා ඇති බවද රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියා.

කෙසේවෙතත් රාමනායක මහතාගේ ‌මෙම ප්‍රකාශයෙන් පසුව කිසිදු හඩපටයක් මාධ්‍ය ‌වෙත නිකුත් ‌නොවුණු බවද රාමනායක මහතා සිය හිතවතුන්ට සඳහන් කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements