වසර තුනක සිර දඬුවමක් හිමි වූ සරණ ගුණවර්ධනට එදිනම ඇප ලැබෙයි
gossip
,
hot news
,
Latest News
,
Latest-News
,
News
,
sarana gunawardena
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම කර තිබුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම දඬුවම නියම කළ අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 3ක දඩයක් ද නියම කරනු ලැබුවා.
මෙම නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ(07) කැඳවනු ලැබූ අවස්ථාවේදී සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට නියම වී තිබෙන සිර දඬුවමට එරෙහිව ඔහු විසින් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවත් එම අභියාචනය විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කරන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ අභියාචනය භාර ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාර සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කළා.

