Featured News

Video Gossip

Advertisement

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සදහා සෝමාලියාව විසින් පියවිය යුතු හිග මුදල් නැවත පියවීමට සහය දැක්වීම ශ්‍රී ලංකාව විසින් මිලියන 163 ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව වාර්තා වනවා.

මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් ය‌ෝජනාවක් අනුව ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙසේ සිදුවන්නේ 2019 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 55.2 (රැ.10,037,385,840,000.00) වන තත්වයක් තුලයි.

ශ්‍රී ලංකාව 2018 දී රටේ දළ දේශිය නිශ්පාදිතයන් සියයට 82.90 කට සමාන රජයේ ණය ප්‍රමාණයක් වාර්තා කළේය.

සෝමාලියාවේ ණය ගෙවීමට ඉදිරිපත් වුවද ශ්‍රීලංකාව ඩොලර් බිලියන 1.5 ක සිව් අවුරැදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF ණය වැඩසටහනක් යටතේ ද පසුවනවා.

එමෙන්ම පසුගිය ඉන්දියානු සංචාරයේදී තමන්ට ණය ගෙවීම සදහා වසර 3ක ණය සහන කාලයක් දෙන ලෙසද අගමැති මහින්ද විසින් ඉන්දීය අගමැතිගෙන් ඉල්ලනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements