Featured News

Video Gossip

Advertisement

රථ ගායට මහජන මුදල් බිලියන 2.8 කාබාසිනිය කරලා

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක මුදලක් වැය කර ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙරුණා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන් අවස්ථාවේදී.

ඒ අනුව 2015 ජනවාරි 8 වැනිදා සිට පසුගිය ආණ්ඩුව කාල සීමාවේදී අමාත්‍යවරු අමාත්‍යාංශ සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් බිලියන 2.8 ක මුදලක් වැය කර ඇති බව අනාවරණය වුණා.

එහිදී අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් බිලියන 1.65 ක්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් මිලියන 652.85ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට මිලදී ගත් වාහන සඳහා රුපියල් මිලියන 564.99 ක මුදලක්ද වැය කර තිබෙනවා.

ඒ අනුව වැඩිම මුදලක් වැය කොට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.

රජයට හිමිවිය යුතු බදු මුදල් ද ඉවත් කර ලක්ෂ 3289 ක් වටිනා වාහන 09ක් එලෙස ගෙන්වා ඇති අතර ඊට රුපියල් ලක්ෂ 1510 ක් වටිනා වෙඩි නොවදින රථ 02ක් සහ රුපියල් ලක්ෂ 1040 ක් වටිනා බී.එම්.ඩබ්ලිව් X5 වර්ගයේ වාහන 02ක් ඇතුළත්.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 420ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද රුපියල් ලක්ෂ 390ක් වැය කර ගෙන්වා ඇත්තේ ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක්.

මේ අතර රුපියල් ලක්ෂ 410 ක් වටිනා මර්සිඩීස් බෙන්ස් රථයක් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ රවී කරුණානායක මහතා විසින් ගෙන්වනු ලැබ තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු වියළි කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විජයකලා මහේෂ්වරන් ගෙන්වා ඇති ලෑන්ඩ් කෘසර් ඩීසල් වර්ගයේ ජීප් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 420ක්.

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී දිගම්බරම් මහතාද රුපියල් ලක්ෂ 420ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබුණා.

රුපියල් ලක්ෂ 420 ක් වටිනා රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස් වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබෙන්නේ අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රංජිත් මද්දුමබණ්ඩාර මහතායි.

මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද ටොයෝටා VDJ 200 R වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 430 ක් වැය කර ගෙන්වා තිබෙනවා.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ සමයේ මහින්ද අමරවීර මහතා ගෙන්වා ඇති මර්සිඩීස් බෙන්ස් GLS 350 වර්ගයේ රථයට වැය වී ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 420ක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements