Featured News

Video Gossip

Advertisement

පවුම් මිලියන හයකට (රුපියල් මිලියන 1410) ආසන්න මුදලක් විශුද්ධිකරණය කිරීමට කුමන්ත්‍රණය කළ බව පිළිගත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට සිර දඬුවම් නියම වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උපත ලද බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන 41 හැවිදිරි මයිකල් කිනේන් වසර හතයි මාස අටකට සිරගත කිරීමට වේල්ස්හි අධිකරණයක් නියම කළා.

මුදල් විශුද්ධිකරණය සහ වංචා චෝදනා තුනකට වරදකරු බව ඔහු පිළිගෙන තිබුණා.

ලන්ඩන්හි පිහිටි ඖෂධ ආයෝජන සමාගමක් වන ‘ඇවිලියොන්හි’ විද්‍යුත් තැපැල් පද්ධතියට ඇතුළු වී, යම් මුදල් ගෙවීම් කරන ලෙස ඉල්ලා අන් අයට ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ යැවීම් සිදු කර තිබුණා.

මෙම කාලය ඇතුළත ඇවිලියොන් සමාගම ඇමරිකානු ආයෝජකයෙකු සමග ගනුදෙනුවල නිරත වී සිටි අතර ඇවිලියොන් සමාගමේ සේවකයන්ට යැවුණු ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩවලින් කියවුණේ නීත්‍යනුකූල කාර්යයන් සඳහා නව බැංකු ගිණුම්වලට මුදල් ගෙවන ලෙසයි. ඉන් එක් ගිණුමක් මයිකල් කිනේන්ට අයත් වූවකි.

2018 නොවැම්බර් 2 වන දින ඇවිලියොන් සමාගම ඔහුගේ ගිණුමට ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක් තැන්පත් කරඇති අතර
පෝලන්තය, ජර්මනිය, හොංකොං, චීනය සහ මැලේසියාවේ සිටින මයිකල් කිනේන්ගේ අධාරකරුවන් අතර මෙම මුදල බෙදා හැර තිබෙනවා.

මයිකල් කිනේන් මෙම ක්‍රියාව “තණ්හාව” නිසා සිදු කර ඇති නමුත් සංවිධානාත්මක ලෙස සිදු කර නොමැති බව තමන් පිළිගන්නවා යැයි විනිසුරු නිකොලා ජෝන්ස් සඳහන් කළා.

“ඔබ මේ මුදල් විශුද්ධිකරණය කිරීමේ ප්‍රධාන භූමිකාවක් සිදු කර තිබෙනවා. ඒ වගේ ම ඉතා සැලකිලිමත්ව මේ විශාල මුදල බැංකු ගිණුම් අතර හුවමාරු කර තිබෙනවා.තණ්හාව නිසා ඔබ මෙයට පෙළඹිලා තිබෙනවා. නමුත් ඔබ ඒ ගැන ඇත්තටම පසුතැවිලි වෙන බවක් මට පෙනෙන්නේ නැහැ,” විනිසුරුවරිය පැවසුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements