Advertisement

චීනයේ වුහාන් සිට මෙරටට පැමිණි සිසුන් ඇතුළු පුද්ගලයින් 33 දෙනා අද දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. මීට සති දෙකකට පෙර වුහාන් සිට විශේෂිත ගුවන් යානයකින් මෙරට මත්තල ගුවන්තොටුපළට පැමිණි මෙම පිරිස විශේෂිත වූ බස් රථයක් මගින් දියතලාව යුධ හමුදා කඳවුරේ පිහිටවූ විශේෂිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබුනා.

මෙම පිරිස මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අතර සියල්ල නිරෝගී බව තහවුරු වීමෙන් අනතුරුව දින 14ක නිරෝධායන කාලය අවසානයේ අද උදෑසන 09:50ට පමණ මෙලෙස දියතලාව යුධ හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් තිබෙනවා. 

මොවුන් අද කොළඹ පිහිටි යුධ හමුදා මුලස්ථානයේදී විශේෂිත මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements