Advertisement

ඉදිරි දින කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය සංචාරය සදහා 4 ‌දෙනකුගෙන් පමණක් සමන්විත දූත පිරිසක් එක් කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර‌ ‌ගෙන ඇත.

ඒ අනුව ඩග්ලස් ‌‌දේවානන්ද, ආරුමුගම් ‌තොණ්ඩමාන්, ලලිත් වීරතුංග සහ ගාමිණී ‌සෙනරත් යන මහත්වරුන් පමණක් එම සංචාරයට එක්කරගැනීමට අගමැතිවරයා පියවර ‌ගෙන තිබේ.

මීට අමතරව ඉන්දියාවද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංචාරය තුළ ‌වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට පියවර ‌ගෙන ඇත.

ඒ අනුව පළමු අවස්ථා‌වේ ‘නිල’ සංචාරයක් ‌ලෙස නම් කර තිබූ අගමැතිවරයාගේ ‌මෙම සංචාරය ‘රාජ්‍ය සංචාරයක්’ වශයෙන් ඉහළ නැංවීමට ඉන්දීය රජය පියවර ‌ගෙන ඇත.

මීට අමතරව රතුපලස් මතින් අගමැතිවරයා පිළිගැනීමටද ඉන්දීය රජය තීරණය කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements