ප‍්‍රසිද්ධ විදුහලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 5ක් රෝහලේ
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
බදුල්ල නගරයේ ප‍්‍රසිද්ධ විදුහලක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා සිසුන් පස් දෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතිබව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
සිසුන් තම අභිමතය පරිදි හැසිරෙමින් කටයුතු කරනා බවත් ගුරුවරුන් ළමුන් පිලිබඳව සැලකිල්ලක් නොදක්වන තත්වයකට පත්ව ඇති හෙයින් මෙවන් සිදුවීම් සිදුවන බවත් දෙමව්පියන් පවසනවා.
කෙසේ වෙතත් විදුහල් පාලන අධිකාරිය මීට වඩා සිසුන් කෙරෙහි සැලකිල්ලක් දැක්විය යුතු බවත් එසේ නොවීම තුලින් සිසුන්ගේ මෙවැනි ක‍්‍රියාකාරකම් වැඩිවීමක් ඇතිවුවහොත් එය විද්‍යාලයේ මෙන්ම සිසුන්ගේද අනාගත අභිවෘද්ධියට කැලලක් බවයි දෙමව්පියන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දෙදහස් පන්සියයකට ආසන්න සිසුන් ප‍්‍රමාණයක් සිටිනා තම විද්‍යාලයේ සිසුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව තමාට පුද්ගලිකව සොයා බැලිය නොහැකි නමුත් මෙම සිදුවීමට අදාලව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අප කල විමසීමකදී එම විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන්කලේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
දෙමෝදර - ජයලත් දිසානායක

