Featured News

Video Gossip

Advertisement

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් වයස අවුරුදු 6ක දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට ප්‍රචාරය වූ වීඩියෝවට මසක් ගත වනතුරුත් කිසිදු නීතිමය පියවරක් නොගන්නේ සැකකරුගේ මූල්‍ය හා දේශපාලන බලයට වින්දිත පාර්ශ්වය නතු කරගැනීමකින් දැයි බරපතළ සැකයක් මතුව ඇතැයි 'නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය' පවසයි.

මේ පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කළ බව එම කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේනායක
 පැවැසුවාය.

තමා මේ පිළිබඳ පැමිණිලි කළ විට ජාතික ළමාරක්ෂක අධිකාරියේ බලධාරීන් තමාට පැවැසුවේ දැරිය සොයා ගැනීමට ඔවුන්ට සහාය වන ලෙසත්, සිවිල් සංවිධානවලට එවැනි බලයක් තිබේ නම් පොලිසියක් හෝ ජාතික ළමාරක්ෂක අධිකාරියක් රටට අවශ්‍යදැයි ඇය ප්‍රශ්න කළාය.

කෙසේ නමුත් මෙම අපයෝජනය පිළිබඳ තම සංවිධානය ඇතුළුව පාර්ශ්ව කිහිපයක් ජනාධිපතිට, අගමැතිට, පොලිස්පතිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ජාතික ළමාරක්ෂක අධිකාරියට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට වීඩියෝ පටය හා පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර මසකට වැඩි කලක් ගත වනතුරුත් කිසිදු පියවරක් නොගත්තේ සිද්ධිය යට ගැසීමේ උත්සාහයක් නිසා දැයි මේ වනවිට සැක මතුව ඇති බව ඇය පෙන්වා දුන්නාය.

ඇය පැවැසුවේ මෙවැනි ලිංගික අපයෝජන, හිරිහැර 80%කට අධික ප්‍රමාණයක් මතුපිට තලයට නොඑන බවත්, ඊට හේතු ලෙස මූල්‍ය හා දේශපාලන බලය මෙන්ම දුගීභාවය හා රටේ සංස්කෘතිය යන කරුණු බලපාන බවත්ය.

තමාගේ දරුවාට කිසිදු හිරිහැරයක්, අතවරයක් නොවන තාක් වැඩිහිටියන් මෙවැනි කාරණාවලට මැදිහත් නොවන තත්ත්වයක සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙවැනි සිද්ධි එළිදරව් කර නීතිමය ක්‍රියාමාර්ග පවා ගෙන ඇති බව පැවැසූ ඒ මහත්මිය වැඩිදුරටත් ඉල්ලා සිටියේ, මේ සම්බන්ධව ජාති හෝ වයස් භේද නොසලකා තම විරෝධය පළ කිරීමට වහාම එක්වන ලෙසය. 

මෙම සිද්ධියට සැක කෙරෙන ව්‍යාපාරිකයා රත්නපුරය ප්‍රදේශයේ මැණික්වලට ප්‍රසිද්ධ බවට හඳුන්වාගෙන සමාජ සේවා කටයුතුවලට පරිත්‍යාග කරමින් ෆේස්බුක් හරහාද ප්‍රකට වූවෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක සම්බන්ධ හඬපටයක සඳහනකින්ද පසුගිය කාලයේ ඔහු පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති විය.

මේ අතර ව්‍යාපාරිකයකු කුඩා දැරියක් අපයෝජනය කිරීමට අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් අන්තර්ජාලා ආවේක්ෂණ ඒකකයක් මඟින් පරීක්ෂණයක් මේ වනවිට අරඹා ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහචාර්ය මුදිත විදානපතිරණ මහතා ‘මව්බිම’ කළ විමසීමකදී පැවැසීය.

අදාළ සිද්ධියට සම්බන්ධ වීඩියෝපටය ගැන විවිධ සමාජ ක්‍රියාකාරි සංවිධාන අධිකාරියට පැමිණිලි කර ඇති අතර, ලද දත්ත තමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිසියටත් භාරදුන් බව සභාපතිවරයා කිය.

එම සයිබර් ඒකකය ක්‍රියාත්මක කිරීමට විශේෂඥයන් තිදෙනෙක් අධිකාරිය තුළ සිටින බවත් කළ පරීක්ෂණ හරහා කිහිපදෙනෙක් හඳුනාගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු පැවැසුවේ අතුරුදන් වූ පුද්ගලයකුගේ මෙන් අපයෝජනයට ලක් වූ දැරියකගේ ඡායාරූප මාධ්‍යවල පළ කළ නොහැකි බැවින් එකී තොරතුරු සුරක්ෂිත කරන අතර ස්වාධීන පරීක්ෂණයක් මඟින් මෙම සිද්ධිය විභාග කිරීමට සූදානම් බවය.

අනුරාධා හේරත්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements