Advertisement

රාජපක්ෂ රජය සමයේ සිදුවූ එයාර් බස් ගනුදෙනුවේදී ආණ්ඩු පක්ෂය නිය‌ෝජනය කරන බුකි මන්ත්‍රීවරයකුටද විශාල ‌කොමිස් මුදලක් ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරනවා.


මීට අමතරව එම බුකි මන්ත්‍රීවරයා සමග එකල සමීපව කටයුතු කළ තවත් පුද්ගලයකුගේ ගිණුමකටද ‌‌‌කොමිස් මුදල් ලැබී ඇති බව මන්ත්‍රීවරයා සදහන් කර සිටියා.

මේ සම්බන්ධයෙන් වහාම ආණ්ඩුව විමර්ශන ආරම්භ කළ යුතු බවත්, ‌මේ ආකාරයෙන් ‌කොමිස් මුදල් ලබා ගත් පුද්ගලයන් රටට ‌හෙළිදරව් කළ යුතු බවත් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවට ‌පෙන්වා දුන්නා.

මේ වනවිට එයාර් බස් ගනුදෙනුවෙන් ‌ඩොලර් ලක්ෂ 8ක මුදලක් නිමල් ‌පෙරේරා මහතාගේ ගිණුමට බැර වී ඇති බව මීට ‌පෙර අධිකරණය හමුවේ අනාවරණය වුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements