ගම්පහ දිස්ත්‍රික්කයේ අඩවි වන නිලධාරිනියක් ලෙස කටයුතු කරන දේවානි ජයතිලක මහත්මියට රාජකාරි ස්ථානයෙන් මාරු කිරීම සඳහා සූදානමක් ඇතැයි හිටපු පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළා.
ඒ සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇතැයි ද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
පාර්ලිමේන්තුව හමුවේ ඊයේ (20) අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.
මීගමුව කලපු සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක දී කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් ඇමති සනත් නිශාන්ත සමඟ ඇති වූ සංවාදය හේතුවෙන් දේවානි ජයතිලක මහත්මිය ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණා.
මීගමුව මුන්නක්කරය ප‍්‍රදේශයේ කඩොලාන පරිසරයක පිහිටි ඉඩමක් ක‍්‍රීඩා පිටියක් සකස් කිරීම සඳහා වෙන්කරන්නැයි කරන ලද ඉල්ලීමක් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක එලෙස ප‍්‍රතික්ෂේප කළා.
තමා නීතියට පිටින් වැඩ නොකරන්නේ යැයි එහිදී අවධාරණය කළ වන නිලධාරිනිය විද්‍යාත්මක තීන්දු තීරණ නොගෙන මිනිසුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කළහොත් පරිසරය විනාශ වී ජීවත්වීමට ඔක්සිජන් සොයා ගැනීමට නොහැකි තත්වයකට මිනිසුන් පත්විය හැකි බවද කියා සිටියා.

