Featured News

Video Gossip

Advertisement

මෝටර් රථ ප්‍රවාහන බලපත්‍රය නිකුත් කිරීම සඳහා දැනට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් නිකුත් කරන වෛද්‍ය සහතිකයට ඇතුළත් වන වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමේ පහසුකම් සහිත මූලික රෝහල් හා දිස්ත්‍රික් රෝහල් 150ක් පමණ දැනට දිවයින තුළ පවතී.

එහෙත් එම රෝහල් මඟින් අදාළ වෛද්‍ය සහතික නිකුත් කිරීමේදි සේවාලාභීන්ට එකම ස්ථානයකින් සියලු පරීක්ෂණ සිදු කරගැනීමට හැකියාවක් නොමැත. එබැවින් රජයේ රෝහල්වල එම කාර්යය සඳහා වෙනම ඒකකයක් පවත්වා ගැනීම සුදුසු බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් සකස් කරනු ලබන ආකෘතියකට අනුව රජයේ රෝහල් මඟින් ද අදාළ පරීක්ෂාවන් සිදු කර සේවාලාභීන්ට වෛද්‍ය වාර්තාවන් ලබා දීමට හා සියලු සේවාවන් එක් ස්ථානයකින් ලබා ගැනීමට හැකි වන පරිදි රජයේ රෝහල් තුළ පහසුකම් සහිත ඒකක පිහිටුවීම පිණිස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එකී කරුණු සැලකිල්ලට ගනිමින්, අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පහසු වනු පිණිස වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී සලකා බලනු ලබන වෛද්‍ය සහතික නිකුත් කිරීමට බලය පැවරෙන අයුරින් 2009 අංක 8 දරන මෝටර් රථවාහන පනත සංශෝධනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements