Advertisement

අටමස්ථානයට අයත් ජේතවනාරාම දාගැබේ ඇතිවී තිබෙන පැළුම් කීපයක් සම්බන්ධයෙන් ඩ්‍රෝන කැමරා යොදාගෙන දිනපතා නිරීක්ෂණ කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා.

ජේතවනාරාම දාගැබේ හතරැස් කොටුවට ඉහළින් පිහිටි කොත්කැරැල්ල දක්වා වූ කොටසට 2014 වසරේදී අකුණක් වැදී තිබෙනවා.

2016 වසරේ සිට පැළුම් ලක්ෂණ දැකිය හැකි වූ අතර අකුණු සැර නිසා මෙම පැළුම් ඇති වන්නට ඇතැයි සැක කෙරෙනවා.

දාගැබේ පැළුම් කීපයක් දැකීමට ඇති අතර එක් පැළුමක් අඟල් 09ක් පමණ වනවා.එම පැළුම් දාගැබ අභ්‍යන්තරය දක්වා විහිදී තිබෙනවා.

මෙම පැළුම් සම්බන්ධව සොයා බැලීමට විද්වත් කමිටුවකට භාර දෙන බවත්, පැළුම් ඉක්මනින් පිළිසකර කිරීමට කටයුතු යොදන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements