Advertisement

සුද්දා, බන්ටි ඇතුළු සිව් දෙනකු කොස්තාපල්වරයාට පහරදී රැගෙන ගිහින්
කඩුවලින් පහරදී කපාකොටා ඝාතනය කරලා

දින හතරක් තිස්සේ අතුරුදන්ව සිටි කඩවත පොලිසියේ කොස්තාපල් රියැදුරු ජයන්ත රාජපක්‍ෂ මහතා කපාකොටා කෲර අන්දමින් ඝාතනය කර ඔහුගේ ලිංග ප‍්‍රදේශය ශරීරයෙන් කපා ඉවත් කර රැගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

මෙම ඝාතනය මෙහෙයවූ බන්ටි නමැති අපරාධකරු කොස්තාපල්වරයා කපා කොටා ඝාතනය කරන අයුරු බන්ධනාගාරයේ රඳවා සිටින තම පියාට ජංගම දුරකථනයක වයිබර් තාක්‍ෂණය ඔස්සේ සජීවීව දැකගන්නට සලස්වා ඇති බවද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බව වාර්තා වනවා.

පොලිස් කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් කපාකොටා ඝාතනය කළ සංවිධානාත්මක කල්ලියට නායකත්වය දුන් සුද්දා නමැති අපරාධකරු පොලිසිය මගින් පෙරේදා (20 )රාත‍්‍රි අත්අඩංගුවට ගෙන තිබුණා.


කොස්තාපල්වරයාගේ සිරුර සගවා තිබූ ස්ථානය සොයාගෙන ඇත්තේ මෙම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසුවයි. මෙම සිරුර සොයා ගන්නා අවස්ථාව වන විට එය දැඩි ලෙස කුණුවී විකෘතිව පැවැති බව පොලිසිය පවසනවා.

මෙම ඝාතනය මෙහෙයවූ බව කියන ‘සුද්දා’ නමැති සැකකරු පිළිබඳව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාට තොරතුරක් ලැබී තිබු අතර ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් පන්නල රබර්වත්ත පාර ප‍්‍රදේශයේ නිවසක් වටලා මෙම ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් ඝාතනය කළ අයුරු හෙළිවී තිබෙනවා.

විමර්ශනවලින් හෙළිවූ අන්දමට මෙම සංවිධානාත්මක කණ්ඩායම ඉකුත් 17 වැනිදා අලූයම කොස්තාපල් ජයන්ත රාජපක්‍ෂ පැහැරගෙන තිබුණේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ හෝටලයක් අසලදීයි.

ත‍්‍රිරෝද රථයකින් පැමිණි සුද්දා, බන්ටි ඇතුළු සිව් දෙනකු කොස්තාපල්වරයාට පහරදී ඔහු ති‍්‍රරෝද රථයේ දමාගෙන පන්නල ප‍්‍රදේශයේ පිහිටි බන්ටි නමැති අපරාධකරුගේ නිවසට රැගෙන ගොස් තිබෙනවා.

පසුව එදින අලූයම කොස්තාපල්වරයා පන්නල කංකානියමුල්ල රක්‍ෂිතයට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී කොස්තාපල්වරයාට සුද්දා සහ තවත් අයකු කඩුවලින් පහරදී කපාකොටා ඝාතනය කර ඇති බව හෙළිව තිබෙනවා.

කොස්තාපල් රාජපක්‍ෂගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා ති‍්‍රරෝද රථයක දමාගෙන පන්නල බුළුගොඩ ප‍්‍රදේශයේ කැලෑවකට රැගෙන ගිය අපරාධකරුවන් එය එහි සගවා පලාගොස් තිබුණා.

කොස්තාපල් ජයන්ත රාජපක්‍ෂ ඝාතනය කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ බන්ටි නමැති සැකකරුගේ මව වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සමග මොහු පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාව බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements