Advertisement

පොලිස් විශේෂ කාර්ය බළකාය හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද රැගෙන යමින් සිටි පාතාලයේ කංජිපානි ඉම්රාන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදීම තවත් පාතාලයකුට ‘‘සමයං නිදි කළා වගේ නිදි කරනවා’’ යයි මරණීය තර්ජනය කිරීම ගැන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අධිකරණ භූමියේදීම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව මෙම විමර්ශන ඇරැඹී ඇති අතර මරණීය තර්ජනයට ලක්වූ පාතාලයා වන විදුරංග හෙවත් විත්තාගේ නීතිඥයා විසින් කොළඹ මහෙස්ත්‍රාත්වරයාටද මේ ගැන පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.

එල්.ටී.ටී.ඊ.ය සමග එක්වී ජනපති ඝාතන කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා පිට විත්තා පසුගිය රජය සමයේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ පසු විත්තාට හිරගෙදරදී සයනයිඩ් විදීමට උත්සාහ ගෙන තිබුණා.

ඉකුත් සිකුරාදා නඩු විභාගය සඳහා රැගෙන විත් අධිකරණ සිරමැදිරියේ විත්තා රඳවා තිබියදී ඒ අසලින් බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි කංජිපානි ඉම්රාන් මෙම මරණ තර්ජනය කර තිබුණා.

කංජිපානි ඉම්රාන් ඩුබායි සිට රැගෙන විත් බන්ධනාගාර ගත කළ පසුව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements