Featured News

Video Gossip

Advertisement

කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කරයි. මෙම ආයතනයේ බේකරි නිෂ්පාදන කැරවෑන් නමින් රට පුරා බෙදාහරින අවන්හල් ජාලයකින් යුක්තය.

මෙරට ප්‍රසිද්ධ කැරවෑන් ෆෙරෙෂ් ( Caravan Fresh) නැමැති අවන්හල් ජාලය පවත්වාගෙන යනු ලබන්නේද මදීනා ආයතනය විසිනි.

කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල අලවමින් මෙම ජාවාරම සිදුකර තිබේ. බේකරි අමුද්‍රව්‍යන්ද, කේක් සෑදීමට භාවිත කරන අමුද්‍රව්‍යන්ද ඇතුළු ආහාර ටොන් 17.5ක් මෙහිදී සොයා ගත් බව සභාපතිවරයා පැවැසීය.

කල් ඉකුත් වූ ‘කස්ටඩ් පවුඩර්’ පාන් සෑදීමට ගන්නා ‘චොල් කොර්න්’ මෆින් මිකිස්, පේස්ට්‍රි සඳහා භාවිත කරන බටර් වර්ග, සමෝසා සෑදීමට භාවිත කරන පිටි, කේක් අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම තොගයක් මෙලෙස කල් ඉකුත් වූ ආහාර තොගයේ අන්තර්ගත වෙයි. මෙම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ වේ.

මෙම ආයතනය ආහාර නිෂ්පාදනය හා අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළෙඳපොළට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වලට සපයා ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසයි.

මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද සහාය ලබා දී ඇත.

උදයජීව ඒකනායක, හේමන්ත ලියනපතිරණ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements