රංගන ශිල්පී කාවිංග පෙරේරා මත්පැන් බී රිය අනතුරක් සිදුකර පලා ගිය අවස්ථාවේදී ඔහුව අල්ලාගෙන ඇත්තේ මාර්ගයේ සිටි පිරිස් විසින් බව පොලිසිය වෙත සඳහන් කළා.
තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී ඔහු මෙම රිය අනතුර සිදුකර පලාගොස් තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ගයේ නඩත්තු කටුයතුවල නිරත වෙමින් සිටියදී ඉන් එක් සේවකයකු ඔහුගේ මෝටර් රථයේ ගැටී බරපතල තුවාල ලබා මිය ගොස් තිබුණා.
රංගන ශිල්පී කාවිංග පෙරේරාව අද (19) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

