Advertisement

කොරෝනා වෛරසය පැතිර ගිය Diamond Princess නෞකාවේ සිටි මගීන් අතරින් පළමු කණ්ඩායම දින 14ක නිරෝධායනයකින් පසු නැවෙන් ගොඩබැසීම ආරම්භ කර තිබෙනවා.


කොවිඩ් -19 වෛරසය පැතිර යාමෙන් එම නෞකාවේ සිටි මගීන් 542 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වී තිබුණා.
චීනයෙන් පිටත වාර්තා වූ ආසාදිත විශාලතම සංඛ්‍යාව මෙයයි.

නිරෝධායන කාලය අතරතුර සිදු කළ පරීක්ෂණවලින් වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වූ සහ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ මගීන්ට පමණක් නෞකාවෙන් පිටවීමට අවසර දී තිබෙනවා.


වෛරසය ආසාදනය වී නැති බවට පරීක්ෂණවලින් තහවුරු වුව ද, ආසාදිත පුද්ගලයින් සමග එකට සිටි පුද්ගලයින් තවදුරටත් නෞකාව තුළ රදවාගෙන අතිරේක නිරෝධායනයන්ට ලක් කිරීමට නියමිතයි.

ජපාන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, මගීන් ගොඩ බැස්වීමේ කටයුතු දින කිහිපයක් පුරා සිදුවනු ඇති බවයි.

අද (19) දිනයේදී පුද්ගලයින් 500 දෙනෙකු පමණ නෞකාවෙන් පිටතට ගැනීමට අපේක්ෂිතයි.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.

“ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නැහැ. ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවෙනවා. මුලින් මගීන් නැවෙන් පිටතට අරන් ඉවර වෙලා තමයි කාර්ය මණ්ඩලය පිටතට ගන්නේ. ඒ නිසා ඔවුන් දෙදෙනාට නැවෙන් පිටතට එන්න වෙන්නේ තව දවස් කීපයක් ගත වුණාට පස්සේ,” වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යළි ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements