Advertisement

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වූයේ ඊට අනුමැතිය ලබාදීමට නම් සීයට තුනක කොමිස් මුදලක් අවශ්‍ය බවට පසුගිය රජයේ හිටපු විදුලිබල හා බලශක්ති ඇමැතිවරයෙක් කළ බලපෑම් මත ඇතිවූ අර්බුදයක් නිසා බව එම කොන්ත්‍රාත් සමාගම වත්මන් රජයට දැනුම් දී තිබෙනවා.

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ආසියානු සංවර්ධන අරමුදලේ ආධාර මත රුපියල් මිලියන දෙදහස් හත්සිය හැත්තෑ හතරක මුදලක් වැය කරමින් ඉදි කිරීමට නියමිතයි.මෙගා වොට් 220ක විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට මෙමගින් බලාපොරොත්තු වනවා.

බලාගාරය ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය බදාදා (19වැනිදා) ලැබී තිබෙනවා. විදුලිබල අර්බුදයට මුහුණදීම සඳහා විදුලිබල ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

කෙරවලපිටිය බලාගාරය ඉදි කිරීම කඩිනමින් අවසන් කිරීම රජයේ අරමුණයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements