Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මුද්‍රණය කළේ අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර වංචාවෙන් මිලට ගත් මුද්‍රණාලයක බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක පත්‍රිකා සියල්ල මුද්‍රණය කරනු ලද්දේ දෙමටගොඩ පිහිටි මුද්‍රණාලයක බවයි.

2005දීත්, 2010දීත්, 2015දීත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සියලු මුද‍්‍රණ කටයුතු කලේ එම මුද‍්‍රණාලයේ බවද ඔහු පැවසීය.

රනිල් ඇල්විටිගල මහතාට අයත් ‘Print & Print’ නම් මුද්‍රණාලයේ මෙම කටයුත්ත සිදු වූ බවද ඔහු කියා සිටියේය.

චම්පික රණවක මහතා විසින් කරන ලද ප‍්‍රක‍්‍රශය සම්පූර්ණයෙන්ම බැහැර කරන බවද ඔහු තව දුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements