Featured News

Video Gossip

Advertisement

එළැඹෙන මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෛත්‍රිපාල සිරිසේන අනිවාර්යයෙන්ම පරාද කරන බව පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළා.

පිබිදෙන පොළොන්නරුව නමින් කළේ මූල්‍ය වංචාවක් බවත් කෝටි හයදහස් තුන්සීයක් පොළොන්නරුවට වියදම් කළ බව සඳහන් කළ ද කෝටි හාරදහසකට වඩා ගසා කෑ බවයි ඔහු සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් විගණනයක් අවශ්‍ය බවයි ඔහු සඳහන් කළේ.

“මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා සන්ධානය ගොඩනැගීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් තනතුරක් දුන්නා. එයට පත් කරන පුද්ගලයා තීරණය කළේ අපි නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් කියලා. මම හොඳටම දන්නවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ පහළොවක් නැහැ. උපරිම ඇති ඡන්ද ලක්ෂ දෙකක්. ශ්‍රී ලංකාකාරයෝ ඔක්කොම පොහොට්ටුවට ඇවිල්ලා ඉවරයි.

මෙතැනදී අපි බලන්න ඕනෑ දේ හතරවිලිලැජ්ජාවක් තියෙනවා නම් මෛත්‍රිපාල සිරිසේනට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද කියල. එයාට තනතුරක් නැතුව ඉන්න බැහැ. එහෙම නැතුව මේ ඡන්දෙ ඉල්ලන්නේ මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙමෙයි.

මම පොළොන්නරු ජනතාවට කියනවා මේ සැරේ හොඳට බලන්න ශ්‍රී ලංකා යූඑන්පී, පොහොට්ටු මොන පක්ෂය බලයට ආවත් ඇමැතිකම් ගත්ත අය කවුද කියලා. එයාලව පරාද කරන්නම ඕනෑ. මෛත්‍රිපාල සිරිසේන පිබිදෙන පොළොන්නරුව කියල තනිකරම කළේ මූල්‍ය වංචාවක්. කෝටි හයදහස් තුන්සීයක් පොළොන්නරුවට වියදම් කළා කියලා කියනවා. ඒත් මම ඉතා වගකීමෙන් කියනවා කෝටි හාරදහසකට වඩා ගසා කෑවා.

මම ජනාධිපතිතුමාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කරන්න සූදානම් මේ පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කරන්න කියලා. මම කවදාවත් ​පොළොන්නරුව ජනතාව දාලා යන්නේ නැහැ. ​පොළොන්නරු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් හැමදාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දේශපාලනය කරනවා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements