වාද්දුවේ හෝටලයක ජර්මන් සුද්දියක්ව හිරකරගෙන ඉඳලා කරපු දේ මාට්ටු වෙයි [VIDEO]
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
Hiru Cia
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
video
,
web gossip
වාද්දුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ජර්මන් කාන්තාවක් එම සංචාරක හෝටලයේ අයිතිකරු විසින් රඳවාගෙන ඇය බිය වද්දා මරණ තර්ජනය කර සිටියදී ඒ බව දැනගත් හිරු සී.අයි.ඒ. කණ්ඩායම එහි ගොස් ඊයේ(23දා) ඇය මුදාගැනීමට සමත්ව ඇත.
එම කාන්තාව මීට පෙර අවස්ථාවක එම හෝටලයේ නවාතැන්ගෙන සිටියදී එහි අයිතිකරු එම හෝටලය නවීකරණය කිරීමට උදවු කරන ලෙස ඉල්ලා හෝටලය එම කාන්තාව සමඟ හවුලේ පවත්වාගෙන යන බවට ඇති කරගත් එකඟත්වය මත රුපියල් ලක්‍ෂ 78කට අධික මුදලක් ලබාදුන් බව පවසන ජර්මන් ජාතික කාන්තාව ඇය මෙවර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ හෝටලය අයිතිකරු එම පොරොන්දුව කඩකර ඇයව සංචාරක හෝටලය තුළ සිරකර රඳවාගෙන සිට ඇත.
මේ පිළිබඳව දැනගත් හිරු සී.අයි.ඒ. කණ්ඩායම එම ස්ථානයට යන විට ජර්මන් ජාතික කාන්තාව තමා බේරාගන්නා ලෙස හෝටලයේ උඩු මහලේ සිට කෑගසමින් සිටියදී එම ස්ථානයට පැමිණි හෝටලයේ අයිතිකරු හිරු සී.අයි.ඒ. කණ්ඩායම සමඟ බහින් බස් වෙමින් සිටින අතරතුර ජර්මන් කාන්තාව හෝටලයෙන් පිටතට පැමිණ ඇති අතර ඇය හිරු කණ්ඩායම සමඟ වාද්දුව පොලිසියට ගොස් පැමිණිල්ලක් කර ඇයට පිහිට වන ලෙස ඉල්ලීමක් කර ඇත. වාද්දුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

