Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8 ක්, සේබර් විෂන් හෝල්ඩින් සමාගම අයත් නිමල් පෙරේරා මහතාගේ ගිණුමට බැර වී ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිව තිබෙනවා.

නිමල් පෙරේරා මහතා,කොටුව මහේස්ත්‍රාත් අධීකරණය හමුවේ පැවැති මේ වන විට බහා තබා ඇති මුදල් විශූද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පැවරුණු නඩුවක පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකි.


ඒ අනුව, නිමල් පෙරේරා මහතාට විදෙස් ගමන් තහනමක් පැනවුණු අතර, ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක විස්තර ලබා දෙනලෙස ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ, කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක මහත්මියට අයත් ගිණුමෙන්, යුරෝ එක්ලක්ෂ 60,000ක මුදලක් ශ්‍රී ලංකා ඇඩ්වර්ඩ්ස් නමැති සමාගමකට එවා ඇති බවයි.

එම සමාගමට ස්ථීර ලිපිනයක් නොමැති අතර, එහි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් සහෝදරයින් බවත් අධිකරණයේදී අනාවරණය වුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධ විමර්ශන මන්දගාමී ඇයිදැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් යම් බලපෑමක් තිබේදැයි විමසු මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එවැනි බලපෑමක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements