Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංගේ බණ්ඩාර මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර සමරවීර මහතා අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වනවා.

එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19)පෙරවරු 9.30ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති අවස්ථාවේදී ඡන්ද ලකුණ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.
මෙහිදී මුලින්ම අදහස් දැක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ එජාපයට අලියා ලකුණ හඳුන්වා දුන්නේ ඩී.එස්. සේනානායක මහතා බවයි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ නවීන් දිසානායක ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට අලියා ලකුණෙන් තරග කිරීම වඩාත් සුදුසු බවයි. අඩුම තරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හෝ තමාට අලියා ලකුණින් තරග කිරීමට අවශ්‍ය බවයි..

අලියා ලකුණ හා කොළ පාට වර්ණයට දෙමළ, මුස්ලිම් ජන කොටස් කැමැත්තක් දක්වන බවද දිසානායක මහතා විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ සමඟම නැඟී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි දයා ගමගේ මහතාද පැවැසුවේ නුවරඑළියට අලියා දෙනවා නම් තමාට ‘අම්පාර’ටද අලියා ලකුණ අවශ්‍ය බවයි.

අම්පාර දිස්ත්‍රික්කයේ සිටින සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් අලියා ලකුණට කැමැත්තෙන් සිටින බවද ඔහු පවසා තිබෙනවා.

අනතුරුව නැඟී සිටි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර සමරවීර මහතා දැඩි ලෙස චෝදනා කරමින් ප්‍රතිචාර දැක්වීමත් සමඟම උණුසුම්කාරී තත්ත්වය ඇතිවී තිබුණා.

“මෙහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ කෙරෙන වැඩක් නොවෙයි. ලකුණ අල්ලාගෙන ගිහින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මේවා කුමන්ත්‍රණ වැඩ. මම යනවා යන්න කියමින් ” ඔහු පුටු ද පසෙකට දමා පිටවීමට සූදානම් වී ඇති අතර ඒ සමඟම පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂය විනාශ කිරීමට රවීන්ද්‍ර සමරවීරලා සැලසුම් කරන බවයි.

ඉන් පසුව ‘තමුසේ අයිසේ’ යනුවෙන් දෙදෙනා අතර වාග් ප්‍රහාර හුවමාරුවක් ඇතිවූ බවද වාර්තා වනවා. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී අර්බුදය සමථයකට පත් කර තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements