Featured News

Video Gossip

Advertisement

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාව ද සහභාගී කරවාගැනීම පසුගිය දිනවල සමාජයේ මහත් කතාබහට ලක්ව තිබුණු අතර ඒ පිළිබඳ අපූරු කතාවක් අප වෙත ද ආරංචි වී තිබේ.
ඒ අනුව එම සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා කටයුතු සූදානම් කරමින් සිටියදී ප්‍රසන්න රණවීර මහතා සිය මිතුරෙකුගේ කටයුත්තක් සඳහා ලිපියක් අත්සන් කරවා ගැනීමට හදිසියේ එහි පැමිණ ඇත. එහිදී ඔහුව දුටු මහින්ද රාජපක්ෂ මහතා පැමිණි කටයුත්ත පැත්තක තියා ඉන්දියාවේ යාම සඳහා සූදානම් වන ලෙස ඔහුට දැනුම් දී තිබේ. පෙරකී ලිපිය පිළිබඳ අදාළ මිතුරා දුරකථනයෙන් විමසද්දී ප්‍රසන්න රණවීර මහතා ඔහුට පවසා ඇත්තේ “ඒක කරගන්න වෙන්නෙ පස්සේ. බොස් හම්බෙන්න ගියා විතරයි, “තමුසෙ මොනවද මෙහෙ කරන්නෙ? එනවා යන්න ඉන්දියාවෙ” කිව්වා. දැන් මං එහෙ යන්න ලෑස්ති වෙනවා. ආවට පස්සෙ ලියුම ගමු” යනුවෙනි.

මේ අතර ප්‍රසන්න රණවීර මහතා ඉන්දීය සංචාරය අතරතුර පළ කළ ඡායාරූප අන්තර්ජාලයෙහි මහත් ආන්දෝලනයක් ඇති කර තිබිණි. ඔහුව මෙම සංචාරය සඳහා කැඳවාගෙන ගියේ මන්දැයි බොහෝ අය ප්‍රශ්න කළ අතර සංචාරය නිමවා පැමිණීමෙන් අනතුරුව තම හිතවතුන් පිරිසක් සමඟ අදහස් දක්වමින් ප්‍රසන්න රණවීර මහතා “එයා කියපු දේවල්නේ මං කළේ. මට සලකන එක එයාගේ යුතුකමක්” යැයි මහත් ආඩම්බරයෙන් පවසා ඇති බව ද ආරංචිමාර්ග සඳහන් කළේය.

truenews

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements