Featured News

Video Gossip

Advertisement

රටේ සහල් හිඟයක් නොමැති මොහොතක 2016 වසරේදී විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පිටරටින් සහල් කිලෝ පන්කෝටි හැත්තෑහය ලක්ෂයක් ගෙන්වා රජයට රුපියල් කෝටි එක්දහස් පන්සිය පහළොවකට අධික පාඩුවක් කිරීම සම්බන්ධව නීතිමය පියවර ගැනීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සූදානම් වනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ ඊට අදාළ නීති උපදෙස් ලබාගනිමින් සිටින බවයි.

ඒ අනුව පසුගිය රජය මඟින් මෙන්ම 2015ට පෙර විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මැදිහත් වී සහල් ගෙන්වීම හරහා රටට සිදු වූ පාඩුව සම්බන්ධව ද ගණනය කර අදාළ පැමිණිල්ලට ඇතුළත් කරන බව කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

රටේ සහල් අතිරික්තයක් පවතිද්දී හේතුවක් නොමැතිව පිටරටින් සහල් ගෙන්වීම, නිෂ්පාදිත දින වෙනස් කර ලේබල් ඇලවීම, සහල් ගෙන්වා කල්ඉකුත් වනතුරු වෙළෙඳපොළට මුදා නොහැරීම, විශාල සහල් ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහාත්, කොටසක් වළ දැමීමටත් සිදුවන තෙක් කිසිදු පියවරක් නොගැනීම යන කරුණු අදාළ පැමිණිල්ලට ගොනු කරන බව පැවැසූ ඒ මහතා මහජන මුදල් කෝටි ගණනින් පාඩු කිරීමට අදාළව සාධාරණ තීන්දුවක් මේ හරහා අපේක්ෂා කරන බව කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements