Featured News

Video Gossip

Advertisement

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය ආණ්ඩුව සමයේ සතොසට අදාළව සිදුකළ රුපියල් කෝටි සිය ගණනක ආන්දෝලනාත්මක ගනුදෙනු ඇතුළත් ලිපිගොනු 67ක් කොළඹ නිවෙසක සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

එම නිවෙසේ රහසිගතව සඟවා තිබූ මෙම ලිපිගොනු අතරේ 2016-2017 වසරවලදී නැව් පිටින් මෙරටට ගෙන්වූ සහල් ගනුදෙනුවලට අදාළ ලිපිගොනුද තිබූ බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළා.


එමෙන්ම කිලෝවොට් 200ක ධාරිතාව ඇති ජෙනරේටර් මිලදී ගන්නා බව පෙන්වමින් කිලෝවොට් 150 ධාරිතාව ඇති ජෙනරේටර් මිලට ගෙන සිදුකළ මහා වංචාවකට අදාළ ලිපිගොනුද ඒ අතරේ ඇති බව තහවුරු කරන ලද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඊට අමතරව විවිධ අයගේ නම් භාවිත කරමින් මිලට ගත් අක්කර සිය ගණනකට අදාළ ඔප්පු රාශියක්ද අත්අඩංගුවට ගත් ලිපිගොනු අතරේ තිබෙන බව එම ආරංචිමාර්ග තවදුරටත් පවසනවා.සතොස ආයතනය තුළ තිබිය යුතු මෙම ලිපිගොනු ඉන් පිට කර මේ අයුරින් සඟවා තැබීම දැඩි සැකයට තුඩුදෙන බැව් පවසන එම ආරංචි මාර්ග පසුගිය රජය සමයේ එහි සිදු කරන ලද දූෂණ, වංචා රාශියක තොරතුරු මේ ඔස්සේ හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements