Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණ අතහැරියොත් එම ලකුණ මැතිවරණ කොමිසමේ පක්‍ෂ ලේඛනයට ඇතුළත් වන හෙයින් මැතිවරණයෙන් පසුව එය යළිත් එ.ජා.ප.යට ලැබෙන බවට කිසිදු සහතියක් දිය නොහැකි යැයි මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට දැනුම් දී තිබෙනවා.

‘අලියා’ ලකුණ සම්බන්ධයෙන් පමණක් නොව ‘හංසයා’ ලකුණ සම්බන්ධයෙන් ද ඒ තත්ත්වයම බලපාන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මැතිවරණ කොමිසම මෙසේ දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදීයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ‘අලියා’ ලකුණ මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ‘හංසයා’ ලකුණ ද මාරු කිරීමේ නීතිමය පසුබිම ගැන එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා තිබුණා.

කිසියම් ලියාපදිංචි පක්‍ෂයක් සිය ලකුණ අතහැරිය විට එය මැතිවරණ කොමිසමේ ‘ලකුණු ලයිස්තුවට’ ඇතුළත්වන බවත්, ඉන්පසුව පක්‍ෂ එකකට වැඩි ගණනක් එම ලකුණ ඉල්ලුවොත් එය ලබාදිය යුත්තේ කුමන පක්‍ෂයට දැයි යන්න කුසපත් ඇදීමෙන් තීරණය කිරීමට සිදුවන බවත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ට පැහැදිලි කර දී තිබෙනවා.

මේ තත්ත්වය අනුව අලියා ලකුණ මෙන්ම හංසයා ලකුණ පක්‍ෂයකින් තවත් පක්‍ෂයකට මාරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements