තමන් රෝහණ විජේවීර ගේ පුත්‍රයා වුවද ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බවත් රෝහණ විජේවීර මහතාගේ පුතු උවිඳු විජේවීර මහතා සඳහන් කරයි.
රට වෙනුවෙන් කරන්නට ඇති යුතුකමක් ඇතැයිද ඒ වෙනුවෙන් තමන් සූදානම් යයිද ඔහු කියා සිටියේය.
තමනට දේශපාලනය නොකරන්නැයි කීමට කිසිවකුට අයිතියක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
රට වෙනුවෙන් අනිවාර්යෙන්ම යුතුකම ඉටුකල යුතු බවත් ඒ වෙනුවෙන් ඕනෑම වෙලාවක තමන් ඉදිරියට ඒමට සූදානම් බවත් ඒ මහතා පැවසීය.
තමන් මහා ලොකු මාක්ස්වාදී ලෙස හඳුනා නොගන්නා ලෙසත් තමන් බෞද්ධ සංස්කෘතියක් මත පදනම ඇති පුද්ගලයෙක් බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.
එම නිසා දුප්පත් මානසිකත්වයෙන් ඔබ්බට ගොස් රටේ නායකත්වය සමග ඉදිරියට යාමට තමන් සූධානම් බව ඒ මහතා පැවසීය..

