Featured News

Video Gossip

Advertisement

කොළඹ කේන්ද්‍ර කරගෙන එක්වරම ව්‍යාප්ත වෙමින් තිබෙන උද්ඝෝෂණ රැල්ල පිටුපස සිටින සංවිධානාත්මක දේශපාලන හස්ත හා ඔවුන්ගේ අරමුණු පිළිබඳ සියලු රහස් බුද්ධි වාර්තාවන් රජයට ලබාදී ඇත.

රට අස්ථාවර කිරීමේ අරමුණින් මෙම උද්ඝෝෂණ පැවැත්වෙන බවට අනාවරණය වීමත් සමග ස්කොට්ලන්යාඩ් පොලිසියේ විශේෂ පුහුණුව ලත් පනහක කණ්ඩායමක් ඊයේ (12වැනිදා) සිට කොළඹට කැඳවා ඇත.

සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළුව බ්‍රිතාන්‍ය රජයේ ආධාර ඇතිව විශේෂ පුහුණුව ලත් පොලිස් කණ්ඩායමක් මේ සඳහා අනුයුක්ත කර ඇත.

ඉකුත් දෙසැම්බර් 01 වැනිදා සිට මේ සතිය දක්වා කොළඹ නගරයේ උද්ඝෝෂණ හතළිස් එකක් සංවිධානය කර ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම උද්ඝෝෂණ මෙහෙයවීම පසුපස විදෙස් රටක න්‍යාය පත්‍රයකට ක්‍රියාත්මක වන දේශපාලන හස්තයක් හා සරසවිවල දේශපාලන බලය ඇල්ලීමේ අරමුණින් ක්‍රියාත්මක සංවිධාන සිටින බව අනාවරණය කරගෙන තිබේ.

කොළඹදී පසුගිය රජය සමයේ එච්.එන්.ඩී.ඊ. සිසුන්ගේ උද්ඝෝෂණයකට පහරදී ඔළු පැලීමේ සිද්ධියෙන් පසුව බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ඇතුළු විශේෂිත කණ්ඩායමකට ස්කොට්ලන්තයේදී හා කළුතර පුහුණු පාසලේදී පුහුණුව ලබාදී තිබිණි.

එහෙත් පසුගිය රජය එම පුහුණුව ලත් කණ්ඩායම් පසෙක දැමීම නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ද ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල විය.


මෙම පුහුණුව ලබාදුන්නේ බ්‍රිතාන්‍ය රජයේ වියදමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements