Featured News

Video Gossip

Advertisement

රටවල් කිහිපයක හැරුණම සමලිංගික විවාහ තවමත් ලෝකයේ බොහෝ රටවල නීති විරෝධී දෙයක්. පහුගිය ගිම්හාන කාලේ උතුරු අයර්ලන්ත රජය ඔවුන්ගේ රටෙත් මේ සමලිංගික විවාහ නීතිගත කිරීමෙන් පස්සේ පැවැත්වුන පළවෙනි සමලිංගික විවාහය ගැනයි අද කතාව.


අවුරුදු 26ක් වුන රොබින් පීපල්ස් සහ අවුරුදු 27 වුන ෂර්නි එඩ්වර්ඩ්ස් කියන තරුණියන් දෙන්නා තමයි මේ විදිහට විවාහ දිවියට එළඹිලා තියෙන්නේ. ඉතින් පහුගිය දවසක පැවැත්වුන මේ විවාහ මංගල උත්සවය උතුරු අයර්ලන්තයේ පළමුවැනි සමලිංගික විවාහය විදිහටත් ඉතිහාස පොතට එකතු වෙලා තියනවා.
අවුරුදු හයක තරම් කාලයක් සිහින දැකපු ඔවුන්ගේ ආදර කතාව මේ විදිහට හැබෑ වෙලා තියෙන්නේ හයවෙනි සංවත්සරය සමරලා බොහොම ටික දවසකින් කියලයි දැනගන්න ලැබෙන්නේ.

බොහොම ළඟදි දවසක එරට රජය මේ විදිහට සමලිංගික වීවාහ නීතිගත කිරීමත් එක්ක සිවිල් හවුල්කාරිත්වයක් පමණක් ලබා ගන්නවා කියලා තීරණයක හිටපු ඔවුන්ට බොහොම අපූරු විවාහ මංගල උත්සවයක් පවත්වන්නත් අවස්ථාව ලැබිලා තිබුනා. තමන් එක හා සමාන බව ලෝකයටම පණිවිඩයක් දීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් වූ බව සාත්තු සේවිකාවක් වුන රොබින් පීපල්ස් විවාහ උත්සවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

කොහොම වුනත් බොහෝ දෙනෙකුගේ ආශීර්වාද සුබ පැතුම් මැද පැවැත්වුන මේ විවාහ මංගල උත්සවය සමාජ මාධ්‍ය ඇතුළේ ලොකු කතා බහක් ඇති කරලා තිබුනා වගේම ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් දිනාගැනීමත් සුවිශේෂී කාරණාවක් වුනා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements