Advertisement

රිය අනතුරක් සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරුවූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රං‍ගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කිරිමට හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළා.

චෝදනා සියල්ලට වරදකරු වූ සැකකරුට රුපියල් 32,500 දඩයක් හා මාස හයක ලිහිල් සිරදඬුවම වසර හයක කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියම කර සිටියා.

සැකකරුගේ රියදුරු බලපත්‍රය මාස හයකට අත්හිටුවිමට මහේස්ත්‍රාත්වරයා නියම කළා.,

2018 ජුනි මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී බීමතින් රජයේ දේපලක් වන කැබ් රථයක් පදවා නොසැළකිලිමත්ව හා අපරික්ෂාකාරීව රථ ධාවනය කරමින් අනතුරක් සිදුකළැයි රුපියල් 280,000 ක දේපල අලාභයක් සිදු කිරිම ඇතුළු චෝදනා 6 ක් යටතේ නඩුව පවරා තිබුණා.

එම අනතුරේ ඡායාරූප පහතින්



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements