Advertisement

කොලොන්නාව හරස් මාර්ගයේ පසුපසට ධාවනය වූ දුම්රියක් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටුණි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. 

මෙම අනතුර කෙළොන්නාව තෙල් සංස්ථාව අසළ සිදුවූයේ අද(13) පස්වරු 2.30ට පමණ.


ගුවන්තොටුපල වෙත තෙල් ප්‍රවාහනය කර නැවත තෙල් සංස්ථාවට පැමිණෙමින් සිටි මෙම දුම්රිය, සංස්ථාව තුල නවතා තිබියදී යළි පසුපසට ධාවනය වී තිබේ.

එංජිමෙන් වෙන්ව තිබූ දුම්රිය මැදිරි නතර වී ඇත්තේ, කොලොන්නාව තෙල් සංස්ථාව අසල දුම්රිය හරස් මාර්ගයේ ගමන් කරමින් තිබූ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටීමෙන්ය.

මෙම අනතුර සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි නිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි. 

කෙසේ වෙතත්, සිදුවීමට ගිය විශාල විනාශයක් වාසනාවට වැළකී ගියත්, බැලූ බැල්මට පෙනී යන්නේ මෙය නොසැළකිල්ල මත සිදුවූවක් බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements